stats count Sinhala -subtitles
Home / සිංහල උපසිරැසි / අංජුල උමේෂ් / Golden Job (2018) Sinhala Subtitles | රත්තරං සහ කොල්ලො | සිංහල උපසිරැසි සමග |

Golden Job (2018) Sinhala Subtitles | රත්තරං සහ කොල්ලො | සිංහල උපසිරැසි සමග |

ඔන්න අද සබ්ටයිටල් අරන් ආවෙ තවත් පට්ට ජපන් ඇක්ෂන් ෆිල්ම් එකක⁣ට..මේකෙ නම Golden Job සිංහලෙන් කිව්වොත් රත්තරන් සහ කොල්ලො කියල කියන්න පුලුවන් මොකද මේකේ ප්‍රධාන තේමාව වෙන්නෙ රත්තරන් තොගේකුයි කොල්ලො සෙට් එකකුයි..මේක රිලීස් වුනේ 2018 අවුරුද්දෙ..මම මුලින් කිව්ව කොල්ලො සෙට් එක අනාත නිවාසෙක තමයි කුඩා කාලෙ ඉදන් හැදී වැඩුනේ ඉතින් මේ සෙට් එකට තාත්තා වෙන්න කිම් මහත්තයා ඉදිරිපත් වෙනවා..ඉතින් දැන් මේ සෙට් එක එකම පවුලක් මේ පවුලට තව ලුලූ කියල ගැහැණු ලමයෙකුත් එකතු වෙනවා..ඒ කිම් මහත්තයගෙ එකම දුව..සෙට් එක ලොකු වුනාම සෙට් එකම ආරක්ෂක ඒජන්සියකට බැඳෙනවා..ඉතින් ඒකෙන් ලැබෙන නියෝග සුපිරියටම කරගෙන ඉද්දි එක නියෝගයක් අසාර්ථක වුන නිසා සෙට් එකටම ජොබ් එක නැති වෙනවා..හැම සෙට් එකකම ඉන්නවනෙ නහරෙක් මේකෙත් එහෙම කෙනෙක් ඉන්නවා..ඒ බිල්..බිල්ට ඕන ඉක්මනට පෝසත් වෙන්න..ඉතින් බිල් හැම ති⁣ස්සෙම කල්පනා කලේ ඉක්මනට පෝසත් වෙන විදියක්…මේ අතරේ ඩොක්ටර් චච් කියල කෙනෙක් මේ කතාවට එනවා..ඒ තමයි සෙට් එකේ ලොකු අයියා එහෙමත් නැත්තන් ලයන්ගෙ හිත ගියපු කෙල්ල..ඉතින් ඇය දකුණු අප්‍රිකාවේ සරණාගත කඳවුරක තමයි සේවය කලේ..ඉතින් මේ අතරෙ ඒ සරණාගත කඳවුරේ පැතිරෙන වෛරසයකට ⁣ඖෂධ ඕන වෙනවා..ඒත් ඒවා වෙලඳපොලෙන් මිලදී ගන්න එක අමාරුයි..ඒ නිසා ලයන්ට ඕන කොහොම හරි මේකට උදව් කරන්න..ඉතින් ලයන් සෙට් එකටම විස්තරේ කියල සීන් එකට බහින්නෙ බිල්ගෙ ප්ලෑන් එකකට..ප්ලෑන් එකේ හැටිය වැඩේ ගානට වෙනවා..ඒත් කට්ටියට පොඩි සැකයක් ඇවිත් උස්සපු ඖෂධ වෑන් එක ඇරල බලනවා..මෙන්න යකෝ ඖෂධ වෙනුවට රත්තරන් බාර් ගොඩක්…😲ඉතින් සේරම බිල්ගෙ පැත්තට හැරිල බිල්ට බනින් පටන් ගන්නවා..බිල් ඇත්ත සේරම කියනවා..බලද්දි බිල් ඒජන්සියෙ පරණ ලොක්කත් එක්ක හොරෙන් ගේමක් ගහල..කොහොම හරි මෙන්න මෙතනදි සහෝදරයෝ දෙකට බෙදෙනවා..මුදල් කෑදරකම නිසා සහෝදරත්වය පාවා දුන්න බිල්ගෙයි අනිත් සහෝදරයන්ගෙයි ගැටුම ඔන්න ඔහොම පටන් ගන්නවා..ඉතින් කතාවෙ අනිත් ටික දැනගන්නම් ඔයාලට මේ ⁣Film එක බලල ඉන්නම වෙනවා..තවත් දවසක මේ වගේ චිත්‍රපටයක උපසිරසක් එක්ක හම්බවෙමු..

 

Chin ගේ නව චිත්‍රපටය වන Golden Job 2018 සිනමා පටය සමඟ Chin ක්‍රියාකාරී නර්තන ශිල්පියාගේ පමණක් නොව අධ්‍යක්ෂක සහ නළු සාමාජිකයාගේ භූමිකාවද භාර ගන්නවා. මේ චිත්‍රපටය තරුණ හා අන්තරාදායක කතා මාලාවේ නළු සාමාජිකයින් වන Ekin Cheng, Jordan Chan,Michael Tse සහ Jerry Lamb යන අයගේ නැවත එක්වීමත් කැපී පෙනෙනවා. Golden Job චිත්‍රපටය ආරම්භ වන්නේ කොල්ලකෑමේ චිත්‍රපටයක් ලෙස වන අතර, එහි කාර්යය වන්නේ යුරෝපයේ රන් බාර්වලින් පිරුණු සන්නද්ධ වාහනයක් සොරකම් කිරීමයි.පාවාදීම් සහ ක්‍රියාදාමද මෙහි ඇතුලත් වෙනවා.

මෙම චිත්‍රපටයේ වෙඩි තැබීමේ දර්ශන ඉහළින් ඇති අතර වෙඩි තැබීමේ දර්ශන අතරතුර ඉතා දක්ෂ නර්තන රචනයකුත් තියෙනවා. මේ චිත්‍රපටය ක්‍රියාකාරී නොවන කොටස් වලදී පවා එය රසවත් අත්දැකීමක් ලබා දෙනවා.

ඔයාලා වෙඩි තැබීම්, කාර් හඹා යාම සහ පුපුරා යන වාහන හෝ Hong Kong සිනමාවේ රසිකයෙක් නම්,ක්‍රියාදාම චිත්‍රපටවල රසිකයෙක් නම්, මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.

IMDb 5.6

Crime/Action

Director :- Chin Ka-lok

Release Date :- 2018 Saptember 28

Box Office :- Opening Weekend USA
$121,391 [30 September 2018]

Gross USA
$285,795

Cumulative Worldwide Gross
$47,279,667

Screenwriter :- Kim Dong-kyu, Kwok Kin Lok, Erica Li, Heiward Mak

Producer :- Eric Tsang

Executive producer :- Zhou Maofei, Jackie Chan, Yang Junkai, Chiu Li Kuang

Director of photography :- Kenny Tse, Edmond Fung

Production designer :- Jean Tsoi, James Cheung

Costume designer :- Jessie Dai, Jessica Tu

Editor :- Wenders Li

Music :- Chan Kwong-wing

Run Time :- 1h 40m

copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය BluRay පිටපත් සඳහා ගැලපේ

Golden Job (2018) Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: August 23, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් අංජුල උමේෂ් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

5 comments

  1. Sthuthi obata …

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මචං මේකෙ bluray කොපි තියනව නේද පුළුවන් blurayවලටත් සබ් එක අප්ඩේට් කරල දෙනවද මචං 👊👊

  4. Bluray ekt support mchn

  5. BluRay වලට තමා සහෝ සබ් දීලා තියෙන්නෙ.ඉස්සරෝම පොඩි වැරැද්දක් උනා.දැන් ඒක හරි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *