පළවෙනි එපිසෝඩ් එක බැලුවා නම් Hostages කියන්නෙ කොහොම කතාමාලාවක් ද කියලා හිතාගන්න පුළුවන් නේ..කුතුහලය , ත්රාසය ඔක්කොම තියන සුපිරි සීරීස් එකක්..ඉතින් කලින් එපිසෝඩ් එකේ මොකක්ද වුනේ කියලා අපි කෙටියෙන් බලලා ඉමු..
කලින් එපිසෝඩ් එකේ දකින්න ඇති අර කෙල්ලෙක්ව ප්රාණ ඇපයට අරගෙන බෙල්ලට පිහියක් තියලා තර්ජනය කරගෙන හිටපු අර කොල්ලව ප්රිතිවි සින්ග් කොහොමහරි කට්ට කමින් අල්ලගනවා..ඔය අතරේ මීරා ට ඉන්දියාවෙ ඉන්න වැදගත් පුද්ගලයෙක් වෙන CM ගෙ සැත්කමක් කරන්න තියනවා..ඒ වගේම ඒක හදිසියෙන් ඉක්මන් කරලා..එදා රෑ තමයි මීරගෙ පවුලට නොහිතපු දේකට මුහුණ දෙන්න වෙනවා..
එක රැයකින් මුළු පවුලම කට්ටියක් ප්රාණ ඇපයට ගන්නවා…කොහොමහරි අන්තිමට නම් කීයටවත් හිතපු නැති දෙයක් තමා වුනේ..ඒ ප්රාණ ඇපයට ගත්තු අයගෙන් එක් කෙනෙක් තමා අර IPS ප්රිතිවි සිංග්..
කුතුහලය උපරිමයටම ගෙනල්ලා තමා පළවෙනි එපිසෝඩ් එක ඉවරවුනේ..ඉතින් දැන් බලමු මේ එපිසෝඩ් එකෙන් මොකක්ද වෙන්නෙ කියලා..
මේ කොටසෙ වෙන දේත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්,
“ඊළඟ උණ්ඩෙ මෙයාලා වෙනුවෙන් වෙයි”
රෑ ගෙවිලා උදේ වෙනවා, උදේ වෙනකොට මීරා ඉස්පිරිතාලෙට යන්නත් ඕන,සංජෙට ඉස්කෝලෙට යන්නත් ඕන, එයාලගෙ ළමයින්ටත් ඉස්කෝලෙට යන්න ඕන.හැබැයි ඉතින් මෙතන වෙන්නෙ මීරා විතරයි වැඩට යන්නෙ. මීරව වැඩට යවන්නෙ එයාලගෙ වැඩේ කරගන්න මිසක් වෙන මොකටවත් නෙවෙයි.
අනිත් කට්ටියවම ගෙදර තියගන්නවා. මෙන්න මේ අතර තුරේදි කොහොමවත් හිතපු නැති දෙයක් තමයි වෙන්නෙ.ඒක කියන්න යන්නෙ නෑ.මොකද පටන් ගද්දිම කිව්වනෙ කුතුහලය උපරිමෙන්ම තියෙනවා කියලා,
👌🔥ඒක නිසා ඒක එහෙම්ම තියෙන්න අරින්නම්.
………………………………………
“මොකක්ද මෙයාලට ඇත්තටම ඕනේ..මෙයාලා මීරගෙ පවුලෙන් මෙයාලගෙ අරමුණ ඉටු කරගන්න හදන්නෙ කොහොමද ?
මෙයාල මේක කරන්න හේතුව මොකක්ද ?
ඒ ගැන තව දැනගන්න මේ කතාමාලාවත් එක්ක දිගටම රැදිලා ඉන්න..”
Due to copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න
ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සොමේෂ් ජයරත්න සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
Godak sthuthi sahooo …