stats count Sinhala -subtitles
Home / අභිරහස් / Mojin: The Lost Legend (2015) Sinhala Subtitles|සොහොන් මංකොල්ල කරුවන්|සිංහල උපසිරැසි සමග|

Mojin: The Lost Legend (2015) Sinhala Subtitles|සොහොන් මංකොල්ල කරුවන්|සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් අද අරගෙන ආවේ 2015 නිකුත් වුනු චයිනීස් චිත්‍රපටියක්…Mojin – The Lost Legend .. මේක මේ වෙනකොට IMDB අගය 6.0 අරගෙන තියනවා..ඒවගේම තමයි.. බය නැතුව කට්ටියට කියන්න පුළුවන්.. මේක එක දිගට කම්මලි නැතුව බලන්න පුළුවන් එකක් කියලා..IMDB වලත් මේක වර්ගී කරනය කරලා තියෙන්නේ Action, Adventure, Drama ලෙසයි.පුරා පැය 2 විනාඩි 7 ක කාලයක් මේ චිත්‍රපටය දිවයනවා.තව දෙයක් කියන්න ඔනේ මේ චිත්‍රපටය තව කොටස් දෙකක් තියනවා එකක් 2018 නිකුත් උනා..අනික මෙ අවුරුද්දේ..දෙවෙනි කොටසත් ඉක්මනටම ඔයාලට දෙනවා කියන පොරොන්දුවත් එක්ක.. අපි කතාව ගැන පොඩ්ඩක් බලමු..

මේ කතාවෙන් කියවෙන්නේ පුරානයේ ඉදලා පැවතගෙන එන සොහොන් කැනීම් කරුවන් (සොහොන් මංකොල්ල කරුවන්) පිරිසක් ගැනයි.ඔවුන්ව හදුන්වන්නේ මොජින් ෂියාඕවිස් ල කියලායි..( හූ බේයි / වැන්ග් සහ ශර්ලී) මේ තුන්දෙනා එක සොහොන් ගෙයක කැනීමක් කරන අවස්තාවේ හූ බේයිට එයාගේ අවුරුදු 20 පමන කලින් මියගිය තම පෙම්වතිය අර සොහොන් ගෙයින් මැවිලා පේනවා..මේ දිස්වීමත් සමග හූබේයි. තම ජීවන රැකියාව වුන සොහොන් කැනීම් නවත්තලා…දැන් ඉන්නා තමන්ගේ පෙම්වතිය(ෂර්ලී) ගේ දැඩි පෙරැත්තෙන් ඔහු ඇමරිකාව බලා වැංග් සමග පිටත්ව යනවා..

ඇමරිකාවලත් වැංග් කලේ පුරාන වස්තූන් ඇමරිකන් කාරයන්ට විකුනන එක .කොහොමෙන් කොහොම හරි හූ.බේයි මෙම කන්ඩායමෙන්ම ඈත් වෙන්න තීරනය කරනවා..ෂර්ලිගෙන් පවා.ඒ අතර තුර වැංග්ට අවස්තාවක් හම්බුවෙනවා..ආපසු චීනයට ගිහිල්ලා Equinox මල කියන පාශානය හොයාගන්න එතකොට වෙනම අදහසක් වැංග්ට පහල වෙනවා.. ඒ තමන් රහසින් පෙම්කල හූ.බේයි ගේ පෙම්වතිය(ඩිං) ට වෙච්ච පොරොන්දුවක්. ඔවුන් මිතුරන් ලෙසින් සිටපු කාලයේ ඩිං ට වැංග් පොරොන්දු වෙලා තියනවා ඔය Equinox මල හොයලා දෙනවා කියලා..

පරැන්නන්ගේ කියමන්වලට අනුව Equinox මල පාවිච්චි කරන්නේ මියගිය අයට නැවත පනදෙන්නයි..වැංග්ට ඔය අවස්තාවේ මටක් වෙන්නේ කොහොම හරි Equinox මල හොයාගෙන ඩිං ට පනදෙන්න තමන් රහසින් පෙම්කල යුවතියව නැවත මිහිපිටට ගේන්න…හරිම අපූරු විදිහට මේ කතාව ගලාගෙන යනවා.. කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කියලා මම ආපහු සහතික වෙනවා එහෙනම් කට්ටිය මේක අරගෙන බලන්න.. ඔය යටින් පොඩි අදහසකුත් දාගෙන යන්න .. තව යාලුවන්ට ..යාලුවන්ගේ යාලුවන්ට
බලන්නත් එක්ක මේ සයිට් එක ශෙයා කරන්න එහෙනම් තවත් දවසක තවත් උපැසිරසකින් හම්බුවෙමු…. ජයවෙවා…

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය BluRay පිටපත් සඳහා ගැලපේ

Mojin: The Lost Legend (2015) Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: November 19, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් ඉෂාන් ගිහන්ත සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

2 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

    Request :
    Primal (2019)
    The Farewell (2019)
    Adopt a Highway (2019)
    Earthquake Bird (2019)
    Rattlesnake (2019)
    Noelle (2019)

  2. බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
    Mojin: The Worm Valley (2018) film එකටත් සබ් එක දෙන්න 😊..
    ජය වේවා.!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *