stats count Sinhala -subtitles
Home / ඇනිමේෂන් / One Punch Man (2019) S2 E01 Sinhala Subtitles | ඔහු නැවතත් !! | සිංහල උපසිරැසි සමග|

One Punch Man (2019) S2 E01 Sinhala Subtitles | ඔහු නැවතත් !! | සිංහල උපසිරැසි සමග|

ඔන්න එහෙනම් ගොඩක් කාලෙකට පස්සෙ One Punch Man Season 2 එකේ සබ් එක ගෙනාවා..ආපු දවස් වලම දෙන්න හිටියත් වැඩ ගොඩ ගැහිලා හිටපු නිසා පරක්කු වෙලා තමයි දෙන්න උනේ..ඒ වෙද්දි Episode 12 ම නිකුත් වෙලා ඉවරයි..ඉතින් ගොඩක් අය ඇහුවා සබ් එක දෙන්නෙ නැද්ද කියලා කොහොමෙන් කොහොමහරි ඔන්න එහෙනම් අද පලවෙනි එපිසෝඩ් එක ගෙනාවා..
One Punch Man පලවෙනි සීසන් එක නිකුත් වෙලා අවුරුදු 4 කට පස්සෙ තමා මේ දෙවනි සීසන් එක රිලීස් කරේ..පලවෙනි එක 2015 තමා ආවෙ..කවුරුහරි තාම පලවෙනි සීසන් එක බලලා නැත්නම් පලවෙනි එක බලලා මේක බලන්න මොකද පලවෙනි එකේ ගොඩක් දේවල් මේකට බලපානවා..Anime එක ගැන ඉතින් කියන්න ඕනෙ නෑනෙ..Anime වලින් මම මුලින් ම බලපු ඇනිමි එක තමා මේක..Anime බලන්න පටන් ගත්තෙ මේකෙන්..මේක බැලුවට පස්සෙ ඉතින් ඇනිමි හොය හොය බැලුවෙ..ඒ තරම් පට්ට..Anime එකක් බලලා නැත්නම් අනිවාර්යයෙන් මේකෙන් බලන්න ගන්න සුපිරිම..ඔය සිංහලෙන් හඩකවපු හින්දි බලන වෙලාවෙ මේ ඇනිමි එකක් බලන්න ජීවිතයට ගන්න දේවල් ගොඩක් තියෙනවා..
හරි එහෙනම් සීසන් 2 එකෙත් පලවෙනි එක වගේම එපිසෝඩ් 12 නිකුත් වෙලා ඉවරයි..අද ගෙනාවෙ පලවෙනි එපිසෝඩ් එක..අද කොටස නම් කරලා තියෙන්නෙ Return of the Hero කියලා..Imdb අගය 8.2 / 10 ලැබිලා තියෙනවා..ගොඩක් අය බලාගෙන හිටපු ඇනිමි එකක් මේක..අද කොටස ගැන කියනවා නම් Saitama හා Genos ට අලුත් ම වීරයෙක් හම්බුවෙනවා King කියලා..මිනිස්සු හැමෝම King කිව්ව ගමන් දන්නවා..ඒ තරමට ජනප්‍රියයි..ඒත් අපේ සයිටමා එහෙම කෙනෙක් නෙමේ..Hero කෙනෙක් උනත් කවුරුත් මෙයාව දන්නෙ නෑ..අද කොටසෙන් යන්නෙ මේ King හා Saitama එක්ක යන සිද්ධි ටිකක්..අහ් Genos ගෙ සුපිරි Fight Scenes ටිකක් බලාගන්න පුළුවන්..පලවෙනි සීසන් එකේ හිටපු සුපිරි පොරක් අද එපිසෝඩ් එකෙන් බලාගන්න පුළුවන්..Comedy / Action එක්ක සුපිරියටම තියන ඇනිමි එකක් තමා One Punch Man කියන්නෙ..
එහෙනම් ඊලග එපිසෝඩ් එකෙන් හම්බවෙමු..ඔයාලගෙ ප්‍රතිචාර තමයි අපිට වටින්නෙ එහෙනම්..ගිහින් එන්නම්..

copyright issues we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය HDTV පිටපත් සඳහා ගැලපේ

One Punch Man (2015) S2 E01

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: August 25, 2019


ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සිතුම් ඉෂාර සොහොයුරට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

2 comments

  1. Natpe thunai Tamil film sub dennko

Leave a Reply

Your email address will not be published. Required fields are marked *