stats count Sinhala -subtitles
Home / ඔක්කොම එකට / Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles |කන්‍යාවිය සුරකින ආත්මය|සිංහල උපසිරැසි සමඟ|

Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles |කන්‍යාවිය සුරකින ආත්මය|සිංහල උපසිරැසි සමඟ|

ආයුබෝවන් සිනමා රසික සැමට..ඔන්න ආයෙම මම තවත් තෙලිඟු චිත්‍රපටයක සිංහල උපසිරැසි අරගෙනයි ආවේ.

Raju Gari Gadi චිත්‍රපට මලාවේ තුන්වන චිත්‍රපටයට තමයි මේ.. ඉතිං එහෙම කිව්වට මේවයෙ කතාවල් එකින් එකට සම්බන්ධ නෑ.. ඉතිං කලින් ඒව බැලුවෙ නෑ කියල එහෙම අවුලක් වෙන්නෑ..

2019 ඔක්තෝබර් 18 වෙනිදා තමයි මෙය තිරගත කිරීම ආරම්භ කලේ.. IMDB දර්ශකය තුල 8.3 ක අගයකුත්, Google පරිශීලකයන්ගේ 90% ක මනාපයකුත් මීට හිමිවෙලා තිබෙනවා. අධ්‍යක්ශණය සිදුකලේ සුපුරුදු පරිදි Ohmkar විසින් තමයි සිදුකලේ.. මේ චිත්‍රපටය Thriller /Horror / Comedy යන කාණ්ඩ හරහා වර්ග කරන්න පුළුවන්..

චිත්‍රපට පෙලේම ප්‍රධාන නලුවා වුනු Ashvin Babu ප්‍රධාන නලුවා ලෙසින් සහ තෙලිඟු සිනමාවේ නිතර ඇස නොගැටෙන තවත් සුරූපී රුවැත්තියක් වෙන Avika Gor ප්‍රධාන නිලිය ලෙසින් එක් වෙනවා.. ඊට අමතරව කොමඩිරජෙක් වන Ali ත් මේකේ ඉන්නවා..

කතාව මෙහෙමයි..

අශ්වින් කියන්නෙ තමන්ගේ මාමා එක්ක ජීවත්වෙන..මහ එපාම කරපු පොරක්.එයාල ඉන්න කොලනියෙ මිනිස්සුන්ට මෙයාලගෙන් මාර වදයක් තියෙන්නෙ.. ඉතිං මේකට පිලියමක් විදියට කෙල්ලෙක් සෙට් කරන්න හදන්නෙ කට්ටිය..

ඒ තමා මායා..ඉතිං එයාට ආදරය කරන්න තියා.. ආදරෙයි කියන එකවත් ලේසි වැඩක්නම් නෙමේ..

ඉතිං කතාවෙ මොකක්ද වෙන්නේ කියල ඔයාලම අරගෙන බලන්න..

ගිහින් එන්නම් ආයෙම තවත් උපසිරැසියකින් ඉක්මනින් හම්බෙන්න..

එතෙක් ඔබ සැමට ජය ✌

Due to copyright issues, we do not provide any torrent links

ලබා දී ඇති  උපසිරැසිය HDRip පිටපත් සඳහා ගැලපේ

Raju Gari Gadhi 3 (2019) Sinhala Subtitles

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

Published: December 3, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් මදුශාන් ප්‍රියන්කර  සොයුරාට ස්තූතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

3 comments

  1. රැග්නා ලෝඩ්බ්‍රොක් -- සිනමා ලෝකය - (Direct Link)

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *