heavenly sword and the dragon slaying saber කියන්නෙ 2019 අවුරුද්දෙ චීනයේ tencent කියන නාළිකාව මගින් නිෂ්පාදනය කරපු condor Trilogy කියල චීන නවකතා මාලාවක එක් පොතක් වටා ගෙතුනු සුපිරි සීරීස් එකක්.ඒවගේම මේ ටෙලි කතා මාලාව 8.3ක් වගේ ඉතාමත් හොඳ rate එකක් ලබාගෙන තියෙනවා.
අතීත චීනයේ කුංග්ෆූ කියන්නෙ නැතුවම බැරි දෙයක්,ඉතින් මේ කතා මාලාවෙදි,විවිධ කණ්ඩායම් වශයෙන් බෙදෙමින් ඔවුනට ආවේනිකම සටන් ශෛලියක් නිර්මාණය කරගත් kungfu masters ලා එක් වෙලා විශේෂ අසිපතක් පසු පස එකිනෙකා ඇනකොටා ගනිමින් යන ගමනක් තියෙන්නෙ.
Ming Cult
Heavenly Eagle cult
Persian Ming Cult
Wudang Sect
Emei Sect
Shaolin Sect
Kunlun Sect
Mount Hua Sect
Kongtong Sect
Beggars’ Sect
ඔය තියෙන්නෙ මේ කතාවෙ එන ඒවගේ කණ්ඩායම් කිහිපයක්.මොවුන්ට ඔවුනට ආවේනික සටන් ක්‍රම සහ සැඟවුන ආයුධ විශාල ප්‍රමාණයක් තියෙනවා.
කතාවෙ පසු බිමෙන් එලියට ඇවිල්ල කතාව ගැන කතා කලෝත්,
කතාව පටන්න ගන්නෙම වලියකින් .පළවෙනි එපිය බලපු ගමන් අනිවා ඕන කෙනෙක්ට බලන එක නවත්තන්න බෑ කොටින්ම කිව්වොත් ආගමක් වගේ.කතාව පටන් ගන්නෙ wudang වල සහෝදරයො හත් දෙනාගෙන් තුන්වෙනි සහෝදරයා(yu dayan)ලොකු සටනකින් පස්සෙ මකර අසිපත උස්සන එකෙන්. අසිපතත් අරගෙන එන අතරමගදි දිව්‍යමය රාජාලි කණ්ඩායමේ(Heavenly Eagle cult) පහරදීමකට ලක්වෙලා නැගිටින්නවත් බැරි වෙනවා,ආයෙ ඒ පහර දුන්න අයම මෙයාව ගෙදර ගෙනියන්න භාරදෙන්නෙ ප්‍රවාහන ඒජන්සියකට. ඒ අතරමගදි මුලින් මකර අසිපත් ගන්න මෙයාත් එක්ක සටන් කරපු සෙට් එක ඇවිල්ල shaolin’s golden steel fingers පහර භාවිතා කරල ඇඟේ සියළුම සන්ධි කඩල දානව. ඊට පස්සෙ වෙන දේ බලලම දැනගන්නවනම් හොඳයි.
(කියන්න ඕනෙ ඔය අස්සෙ සුපිරි ලව් ස්ටෝරියකුත් යටින් යනවා. ඒක උච්චතම අවස්ථ කීපයකට ඉස්සරහදි එනවා .ඒව පසුවට දැන් මේක බලන්නකො.)
මේ මම හුඟ කාලෙකින් කරන වගේම tvseries and movies සයිට් එකට කරන පළවෙනි උපසිරස.ඒ නිසා පොඩි පොඩි වැරදි අඩුපාඩුකම් තියෙන්නෙ පුළුවන්,ඒ ගැන මට සමාවෙන්න.අවුලක් තියෙනවනම් කොමෙන්ට් එකක් හලාගෙන යන්න.තියන වැරදි හදාගෙන ඉස්සරහට යන්න තමයි බලා පොරොත්තුව.එහෙනම් ජයවේවා!
අපි කැපුනා..
copyright issues we do not provide any torrent links
ලබා දී ඇති උපසිරැසිය Youtube පිටපත් සඳහා ගැලපේ

සිංහල උපසිරැසි මෙතනින් ලබාගන්න

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් සෂික මදුශාන් සොයුරාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.
සබ් එක දුන්නට බොහොම ස්තූතියි මචං.ඉක්මනින්ම අනිත් එපි 50ටත් දෙයි කියල බලාපොරොත්තු වෙනව 😅😅😅.ජය වේවා🙏🙏🙏
අනුවාර්ය්යෙන්ම දෙනව
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊.. ඒ වගේම පළවෙනි සබ් එකට සුබ පතනව දිගටම කරන් යමු 👊..
තව දෙයක් කියන්න ඕනි මචං තරහක් හිතන්න එපා, tv series එකකට සබ් දෙන්න පටන් අරන් අතරමඟ නවත්තන්නෙ නැතුව දිගටම සබ් දෙනව නම් ලොකු දෙයක් මචං Vagabond, Sinner කියන tv seriesවලට සබ් දෙන්න පටන් ගත්තට දැන් episode 1න් 2න් නැවතිලා වගේ සෑහෙන දවසකින් සබ් නෑ ඊලඟ කොටසට.. සබ් කරන අයටත් වැඩ තියනව මචං නොදන්නව නෙවේ පුළුවන් නම් ඊලඟ episode එකේ සබ් එක අහවල් දවසට වගේ අරන් එන්න පුළුවන් කියල ලිපියෙ සඳහනක්වත් කරන්න පුළුවන් නම් වටිනව මචං 😊
දවසකට එක එපියක් රිලීස් කරනව බන් ලොකුම අවුලක් ගියේ නැතොත් වැඩිම එක දවසක් පරක්කු වෙයි
Tnq sub ekt, ithuru sub ටිකත් ikmnt denna bro👌
තෑන්ක්ස් කොල්ලො සබට 💚 අනිත් එපි ටිකක් ඉක්මනට ගේමු ජය වේවා 💛
බොහොම ස්තුතියි නියම වැඩක්
thanks for sub