stats count Sinhala -subtitles
Home / ආදර කතා / Uyare (2019) Sinhala Subtitles | සිහිනය හඹාගිය ගුවන් නියමුවරිය | සිංහල උපසිරැසි සමග |

Uyare (2019) Sinhala Subtitles | සිහිනය හඹාගිය ගුවන් නියමුවරිය | සිංහල උපසිරැසි සමග |

“ඔබ වැසි බිඳුවක්දෝ
නව මෝසම් වර්ශාවකින් පැමිණි….

නැවුම් හිරු හෝ සෙවනැල්ලක්දෝ
අඳුරු රාත්‍රියකට…..

නොදනිමි ඔබට කෙසේ වසඟ වූවාද කියා…

දන්නේ ඔබ මට අවශ්‍යම කෙනා බවයි…..

පිරී ගියා ආත්මයම,
පුදුමාකාර හැඟීමකින්…..”

ඔන්න යාළුවනේ අදත් සුපුරුදු විදියටම තවත් මලයාලම් මැජික් එකකට උපසිරැසි අරගෙනයි ආවේ…

IMDb මීටරේ 8.2 කට කරකවන්න වගේම 94% ක ගූගල් පරිශීලක මනාප ලබාගන්න සමත් වුණු මේ අපූරු මලයාලම් සලරුව අධ්‍යක්ශනය කරන්නේ Manu Ashokan විසින්.  Parvathy Thiruvothu , Tovino Thomas , Asif Ali වගේ සුපිරිම මලයාලම් නළු නිලියෝ සෙට් එකක් රංගනයෙන් දායක වෙනවා… ඒ වගේම Gopi Sundar ගේ සුපිරිම සින්දු ටිකකින් හැඩ වෙලා තියෙනවා…මමත් පෞද්ගලිකව ගොඩක් ආස කරන සුපිරිම සින්දු ටිකක්…ඔන්න ඉතින් ඔක්කොටම උපසිරැසිය දීලා තියෙන්නේ..මොකද මලයාලම් සින්දුවක් වත් අතාරින්න හිතෙන්නෙ නැති නිසා…

කතාව ගැන කිව්වොත්,

ප්‍රධාන වශයෙන්ම නිරූපණය වෙන්නේ කුඩා කාලයේ ඉඳලා ගොඩක් ආසාවෙන් ඉඳපු හීනයක් සැබෑ කරගන්න වෙර දරන ගෑණු ළමයෙක් ගැන…ඒ තමයි පල්ලවී.. පල්ලවී කියන්නේ දක්ශ ගෑණු ළමයෙක් එයාගේ පෙම්වතා තමයි ගෝවින්ද් කියන්නේ, මේ ගෝවිනද් කියන්නේ ටිකක් අමුතු කෙනෙක්. එයාට හැම දේකදිම වගේ පල්ලවීව ගොඩක් සැකයි, ඒ නිසා නිතරම ඒ දෙන්නා අතර ප්‍රශ්න ඇති වෙනවා..හැබැයි පල්ලවී ගෝවින්ද්ට පණ වගේ ආදරෙයි. ඒ නිසා එහෙම ප්‍රශ්න ඇතිවෙන හැම වෙලාවකදිම ගෝවින්ද්ව තරහ කරගන්නෙ නැතුව තියාගන්නවා. හැබැයි ගෝවින්ද් එහෙම නෑ. ඉතින් මෙහෙම එක දවසක් අතිවෙන ප්‍රශ්නයක් හින්දා ලොකු කලබැගෑනියක් සිද්ධ වෙනවා…ගෝවින්ද් එයාගේ පෙම්වතියට ද්‍රෝඉ වෙනවා…එයාගේ මුළු ජීවිතේම විනාශ කරලා දාන්න වැඩ සිද්ධ කරනවා…මොකක්ද සිද්ධ වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ හැබැයි මෙහෙම දෙයක් නම් හතුරෙකුටවත් වෙන්න එපා කියලයි කියන්න තියෙන්නේ…

Virus ෆිල්ම් එකට ලැබුනු ප්‍රතිචාර නිසා වැඩි දෙනාගේ ඉල්ලීම මතයි මෙහෙම මලයාලම් සලරුවකටම උපසිරැසියක් කරන්න හිතුවේ. මේකත් බලලා ඔයාලගේ අදහස පල්ලෙහායින් කමෙන්ට කරගෙන යන්නකෝ…තවත් උපසිරැසියකින් ඉක්මනින් හම්බවෙමු එහෙනම්….

Copyright issues we do not provide any torrent links

 

ලබා දී ඇති  උපසිරැසිය DVDRip පිටපත් සඳහා ගැලපේ

Uyare (2019) Sinhala Subtitles

සිංහල උපසිරැසිය මෙතනින් ලබාගන්න

Published: August 26, 2019

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන් පසිදු ජයශාන් සොහොයුරට  ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම්  ඔහුගේ  අවසරය මතම සිදුවිය යුතුයි.

9 comments

  1. හම්මෝ ෆට්ටම තෑන්ක්ස් සහෝ..😍😍

  2. එල මචෝ… ❤❤👍👍👍👍👍

  3. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  4. හේමන්ත ද සිල්වා

    ස්තුතියි පසිඳු උපසිරැසියට….
    මලයාලමක් දෙනකල් හිටියේ…

    • Thanks for sub bro…..(villali veeran 2014 / welcome to central jail 2016 / Aaha alaralodalaral 2017 ) me malayalam films walata sub dannako…… dileep ge films walata sub denne naththe ayi ………..

  5. thanks sub ekata ..

  6. Pattah film 1….article 15 thama eelangata ooni…

  7. ඉදිරියේදී ලබා දෙන්න උත්සහ කරන්නම්

  8. ගොඩක් පිං සහෝ…
    ජය වේවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *